Friday, September 5, 2025

නින්ද - Sleep

නිවැරදි නින්දෙන් සුවවෙන ලෙඩ..!

නිදාගැනීමේදී අපි අනුගමනය කරන ඉරියව්වෙන් රුධිර සංසරණය යහපත් කරගැනීම සහ කෝඨරකදාහය සුවකරගැනීම වැනි විවිධ සෞඛ්‍යය වාසිත් අත්කරගන්නට පුළුවන් බව ඔබ දන්නවා ද.?


ඉතින්, ඔබට අද අපි මේ පෙන්වා දෙන සෞඛ්‍ය ගැටලු කිහිපයෙන් එකක් හෝ තිබෙනවා නම් පහත දක්වා ඇති ඉරියව් භාවිතයෙන් නිදාගෙන එය පහසුවෙන්ම සුවකරගන්නට හැකි වේවි.


උරහිසේ වේදනා:-

ඔබත් උරහිසක වේදනාවෙන් පීඩා විඳිනවා නම් එය නිදාගන්නා අතර තුළදීම ලෙහෙසියෙන්ම සුවකරගන්නට පුළුවන්. මේ සඳහා ඔබේ වේදනාව රහිත උරහිස පැත්තට ඇලවී පාද දෙක ඉදිරියට නමා එක් කොට්ටයක් පපුවට යටින් තබා තවත් කොට්ටයක් දණහිස් දෙක මැදට වන්නට තබා නිදාගන්න.


කොන්දේ වේදනා:-

කොන්දේ වේදනාවට ඔබ නිදියන ඉරියව්ව දැඩි ලෙස බලපානවා. ඔබ උඩු අතට වන්නට නිදාගෙන එක් කොට්ටයක් ඔබේ දණහිස් යටින් තබාගන්න. ඒ වගේම, රෝල් කරගත් තුවායක් ගෙන එය කොන්දේ නැම්ම යටින් තබාගන්න. මේ ආකාරයට නිදාගැනීම මගින් ඔබේ කොන්දේ වේදනාව සුවකරගන්නට පුළුවන් වේවි.


හිසේ කැක්කුම්(headache):-

ඔබට හිසේ කැක්කුමක් ඇත්නම් ඔබ නිදාගන්නා ඉරියව්ව අනුව එය උත්සන්න වීමත් සුවවීමත් යන දෙකෙන් එකක් සිදුවනවා. බොහෝ විට නිදාගැනීමේ දී බෙල්ල ඇඹරීම නිසා තමයි හිසේ කැක්කුම ඇතිවන්නේ. මෙය මඟහරවාගැනීමට ඔබ නිදාගන්නා විට ඔබේ ගෙල දෙපැත්තෙන් කොට්ට දෙකක් තබා ගෙල හැරවීම වළක්වා ගන්න.


කෝටරක දාහය හෙවත් සයිනස්:- 

නිදාගැනීමේ ඉරියව්ව හිසේ කැක්කුමට බලපාන ආකාරයටම කෝටර දාහයටත් බලපානවා. හාවර්ඩ් සරසවිය විසින් නිර්දේශ කරන ආකාරයට ඔබේ හිස තරමක් ඉහළට එසවෙන ආකාරයට නිදාගැනීම මගින් ඔබට කෝටර දාහය සුවකරගන්නට පුළුවන්.

(මේක හරි ඒත්, හිස උස්සලා තියාගෙන නිදාගන්නකොට බෙල්ලේ කැක්කුම් එන්න පුලුඅන් නිසා ප්‍රවේශම් වෙන්න ඕනි.)

අධිරුධිර පීඩනය (high blood pressure):-

අධ්‍යනයකට අනුව සොයාගෙන තිබෙන කරුණක් තමයි නිදාගැනීමේ ඉරියව්ව සෘජුවම රුධිර පීඩනය කෙරෙහි බලපාන බව. ඒ වගේම, රුධිර සංසරණය පාලනය වන නිදාගැනීමේ ඉරියව්වක් ද ඔවුන් මෙහිදී සොයාගෙන තිබෙනවා. ඔබ මුහුණ යටට වන්නට සිටින සේ නිදාගන්න. එමඟින්, ඔබට පුළුවන් අධිරුධිර පීඩනය පාලනය කරගන්නට.

අවධානය කරලා කියන්නේ, 

අධිරුධිර පීඩනය සඳහා  වෛද්‍ය උපදෙස්වලින් තොරව කිසිම ඖෂධයක් භාවිතා කරන්නට එපා.



ඔසප් වීමට ආසන්නව ඇතිවන වේදනා:-

ඔසප් වීමට ආසන්නයේ හටගන්නා විවිධ  සෞඛ්‍යය ගැටලුවලට ලක්වී වේදනාවක් විඳිනවා නම් නිදාගන්නා විට ඔබේ දණහිස් යටට වන්නට කොට්ටයක් තබාගෙන නිදාගන්න. එමගින් ඔබේ පිටකොන්ද නැමීම නතර වී වේදනාව සමනය වනවා.


බෙල්ලේ වේදනාව:-

ඔබට බෙල්ලේ වේදනාවක් ඇත්නම් ඔබ නිදාගැනීමේ දී තුවායක් රෝල් කර බෙල්ල යටින් තබා නිදාගන්න. මේ තුවාය වෙනුවට ඔබට කොට්ට උරයක් වුවත් භාවිතා කරන්නට හැකිය.


ආහාර ජීර්ණ ගැටලු:-

වම්පසට හැරී නිදාගන්නවා නම් ඔබට නියමාකාර ආහාර ජීර්ණයක් පවත්වාගන්නට පුළුවන්. උදරය වම්පසට වන්නට පිහිටන නිසා ඔබ වම්පසට හැරී නිදාගැනීමෙන්ගුරුත්වාකර්ෂණ බලපෑම මගින් ආහාර ජීර්ණය වේගවත් කරගන්නට පුළුවන්.



පපුවේ දැවිල්ල:-

පපුවේ දැවිල්ල මහත් පීඩාකාරී සෞඛ්‍ය  ගැටලුවකි. මේ සෞඛ්‍ය  ගැටලුවෙන් පීඩාවිඳිනවා නම් ඔබ වම්පසට හැරී නිදාගන්න. එවිට ඔබට පහසුවෙන්ම පපුවේ දැවිල්ල සුවකරගන්නට හැකියි. 


මේ නිදාගැනීමේ ඉරියව් අනුගමනය කරන්නට පෙර ඔබේ  වෛද්‍ය වරයා හමුව වැඩිදුර උපදෙස් ලබාගන්න. එවිට ඔබට පුළුවන් වේවි මෙම  සෞඛ්‍යය ගැටලුවලින් ආරක්ෂා වන්න.



කරුණු උපුටාගෙන නැවත සකස් කර පලකරන ලදී.




Absolutely! Here's a simplified English summary of your article:


🛌 Health Issues That Can Be Eased by Sleeping in the Right Position

Did you know that your sleeping posture can help improve blood flow, reduce sinus problems, and relieve pain? Here are some common health issues and the best sleeping positions to help ease them:

1. Shoulder Pain

Sleep on the side opposite to the pain. Place one pillow under your chest and another between your knees.

2. Lower Back Pain

Lie on your back with a pillow under your knees and a rolled towel under your lower back for support.

3. Headaches

To prevent neck strain, place pillows on both sides of your neck to keep it straight while sleeping.

4. Sinus Problems

Sleep with your head slightly elevated to help drain sinuses. Be careful not to strain your neck.

5. High Blood Pressure

Sleeping face-down may help regulate blood pressure. Always check with your doctor before trying this.

6. Mid-Back Pain

Place a pillow under your knees while lying on your back to reduce spinal pressure.

7. Neck Pain

Use a rolled towel or neck pillow under your neck for support while sleeping on your side.

8. Digestive Issues

Sleeping on your left side helps food digest faster due to gravity and stomach positioning.

9. Heartburn

Left-side sleeping also helps reduce acid reflux and heartburn symptoms.


⚠️ Note: Always consult your doctor before changing your sleeping habits, especially if you have ongoing health conditions.

Let me know if you'd like this turned into a poster, voice note, or social media caption. I’m here to help!

Thank You..!

2 comments:

2025 වසරේ සුපිරි සතර සඳ සහ විචිත්‍ර අහස

 2025 වසරේ සුපිරි සතර  සඳ  🌕✨ 2025 වසරේ චන්ද්‍රයාගේ වඩාත්ම දර්ශනීය කලාත්මක ජායාරූප මවනු ඇත.පහත සදහන් පරිදි 2025 වර්ෂයේ පමණක් සුවිශේෂී අයුරි...