අද රෑ තමයි දවස
මේක මගහරින්න එපා!
සමහරවිට ඔබේ ජිවිත කාලයටම එකම එක වතාවක් සිදුවන මේ සිදුවීම ඔබ මවිතයට පත් කරාවි.
සැප්තැම්බර් 7 වෙනිදා ඔබ කුමන හෝ වැඩක නිරතව සිටියත් විනාඩි කිහිපයක් ඒ සියල්ල පසෙකින් තියලා අහස දිහා බලන්න. මේ ලෝකයේ මිනිසුන් බිලියන 7ක් පමණ, ඒ කියන්නේ පෘථිවියේ ඉන්න මිනිසුන්ගෙන් 85%ක් ටම එක්වර දැක බලාගන්න පුලුවන් අතිශය දුර්ලභ දර්ශනයක් එදා ඔබට දැකගන්න ලැබෙනවා.
ඉදිරියේදී සිදුවීමට නියමිත මේ චන්ද්‍රග්‍රහණය විශේෂිත වන්නේ, මිනිත්තු 82ක් පුරාවට සඳ සම්පූර්ණයෙන්ම පෘථිවි සෙවණැල්ලෙන් වැසී යන නිසයි. මේ දුර්ලභ දසුනත් සමඟම සඳට රතු පැහැයක් එන්නේ, පෘථිවි වායුගෝලය හරහා පෙරී එන හිරු එළිය නිසා. ඉතින්, අපි හැමෝටම දකින්න ලැබෙන්නේ "Blood Moon" කියලා හඳුන්වන රතු පැහැයෙන් දිදුලන සඳක්.
මේ අපූරු සිදුවීම බලන්න දුරේක්ෂ හොයන්න ඕනේ නැහැ. ඔබේ නෙත්වලින්ම ඔබට මේ සුන්දරත්වය විඳගන්න පුළුවන්. ඒ වගේම, පුංචි කැමරාවක් හෝ දුරේක්ෂයක් ළඟ තියාගත්තොත් ඒ දර්ශනය වඩාත් සුන්දරව, පැහැදිලිව ඡායාරූපයට ගන්න ඔබට පුළුවන්. මේ ලෝකයේ විවිධ රටවල, විවිධ මිනිසුන් මේ එකම මොහොතේ අහස දිහා බලාගෙන, මේ සුන්දරත්වය විඳිද්දී අපිත් ඒකට සම්බන්ධ වීම කොච්චර අපූරුද?
මේ චන්ද්‍රග්‍රහණය, හුදෙක්ම දර්ශනයකට එහා ගිය දෙයක්. විශ්වයේ අපේ ස්ථානය ගැනත්, පෘථිවිය, සූර්යයා සහ සඳ අතර ඇති මේ පුදුමාකාර සම්බන්ධය ගැනත් හිතන්න ලැබෙන හොඳම මොහොතක්.
ඉතින්, සැප්තැම්බර් 7 වෙනිදා මධ්‍යම රාත්‍රියේ අහස දිහා බලන්න අමතක කරන්න එපා. ජීවිත කාලෙටම අමතක නොවෙන මතකයක් ඔබට ඉතිරි වේවි.
No comments:
Post a Comment