Thursday, September 4, 2025

ත්‍රිමාණ එන්න කලින් 90 ගණන්වල අපේ මැජික් පොටෝ

 මේ කියන්නේ මට මතක සීමාවේ පුංචි කාලයේ සිද්ධියක්,

1998, 99 වගේ මතකයක් කියලායි මතක, එක දවසක් මම ගියා ආච්චිඅම්මලාගේ (අම්මාගේ අම්මා) ගෙදර, එදා මම යද්දී ආච්චිඅම්මා කොහේ දෝ වන්දනාවක ගිහින් ඇවිත් තිබ්බේ. 

ඒ කාලේ ගමනක් ගියාම මතක තියෙන්න කියලා පොඩි හරි දෙයක් ගිය දිහාවෙන් අරන් එන පුරුද්දක් තිබ්බ නිසා, මේ ගමන ගිහින් එද්දි ආච්චි අම්මත් පොඩි පොඩි දේවල් ගෙනත් තිබ්බා.  ඒ අතරේ තිබ්බා පිංතූරයක්, දැක්කම මට මේ මොන බඩකඩිත්තුවක්ද අහන්න හිතුණත් ඒකේ තිබ්බේ බුදු පිළිම ගොඩක් නිසා මම කීවේ නෑ... ඒ කාලේ පව් සිද්ධ වෙනවට හරි බයයි මං.

දැන්  ගෙදර එන හැමෝම මේක බලනවා. අනේ ඒක හරිම ලස්සනයි. ලස්සන බුදු පිළිමයක් කියනවා. මම බලනවා බලනවා මට පේන්නේම එක එක සයිස්වල බුදුරෑප විතරමයි. මේ කියන එක මට පේන්නේ නෑ.. දැන් පොඩ්ඩක් බයයි. මම නරක ළමයෙක් ද නැත්තම් මේවා පේන්නේ ලොකු අයටද ප්‍රශ්න ගොඩයි හිතේ. 

බැලුවා බැලුවා මට ඒක සෙට් වෙන්නේම නෑ. ඒක එහෙමම  මට අමතක වෙලා ගියා.


ඒ අවුරුද්ද අන්තිම වගේ හැම පත්තරයකින්ම මේ මැජික් විදියේ පොටෝ දාලා කැලැන්ඩර් දෙන්න ගත්තා.. අන්න එතකොට තමා මට මේ මැජික් එක බලන්න විදිය ඔලුවට යන්නේ.....


මේ තියෙන්නේ නම් ඒ කාලේ ඒවා නෙමෙයි... මේක කියවන ඔයාලට ඒ අත්දැකීම ගන්න මම හොයලා උපුටා ගත්ත ඒ්වා. මේ දේවල්වල කතෘ අයිතිය ඒ අයිතිකාරයන්ට ලැබෙන්න ඕනි.

                                                        01.


                                                02.
                                            
                                                03.
    
                                                04.
                                            
                                                        05.
    
                                                      06.

                                                    
                                                    07.




ඔයාලා දකින දේවල් පහලින් ලියාගෙන යන්න.

No comments:

Post a Comment

2025 වසරේ සුපිරි සතර සඳ සහ විචිත්‍ර අහස

 2025 වසරේ සුපිරි සතර  සඳ  🌕✨ 2025 වසරේ චන්ද්‍රයාගේ වඩාත්ම දර්ශනීය කලාත්මක ජායාරූප මවනු ඇත.පහත සදහන් පරිදි 2025 වර්ෂයේ පමණක් සුවිශේෂී අයුරි...